15 August 2025

logo

කොළඹට හෙට අමුත්තෙක් එයි



ඇමරිකාවේ නාවික හමුදාවට අයත් නෞකාවක් වන සැන්ටා බාබ්රා හෙට (16) කොළඹ වරායට පැමිණෙන බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් සඳහන් කළේ එම නෞකාව මෙරට සිදු කරන පළමු වරාය සංචාරය මෙය වන බවයි.

මේ හරහා ඇමරිකානු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ශක්තිය සහ නිදහස් ඉන්දු - පැසිෆික් කලාපයක් සඳහා වන හවුල්කාරී කැපවීම අවධාරණය කරන බව ඇය වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)