15 August 2025

logo

චීනය සහ ඉන්දියාව ඉදිරියේදී අරඹන දෙයක් ගැන දැනුම්දීමක්



චීනය සහ ඉන්දියාව අතර ඉදිරියේදී ඍජු ගුවන් ගමන් ඇරඹීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් පවසනවා.

ඔහු කියා සිටියේ කෙටි දැනුම්දීමකින් සිය රට වෙත ගුවන් ගමන් ඇරඹීමට සූදානමින් සිටින ලෙස ඉන්දීය රජය වෙත දැනුම්දී ඇති බවයි.

දෙරට අතර ගුවන් ගමන් ඇරඹීම, දේශසීමා සංචාර, හුවමාරු හා සහයෝගීතාවන් වැඩිදියුණු කර ගැනීම මෙහි අරමුණ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)