15 August 2025

logo

සමරිසි බව ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්



රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමඟ එක්වී පිරිසක් කටයුතු කරමින් සිටින බව අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ කියා සිටියේ ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයන්ද මේ සඳහා සම්බන්ධ බවයි.
 
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධර්ම කීර්ති ශ්‍රී ආචාර්ය අකුරැටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත මියන්මාර රජයෙන් ලබාදුන් අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිදීමේ උත්සවයට එක්වෙමින් කාදිනල් හිමි මේ බව ප්‍රකාශ කළා. 

එම අවස්ථාවට එක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයකදී මානව අයිතිවාසිකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

(colombotimes.lk