ඉන්දියාවේ 79වන ජාතික නිදහස් දිනය අදට (15) යෙදී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ වෙනුවෙන් ඉන්දීය රජය මෙවර පවත්වන විශේෂ රාජ්‍ය උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන් නවදිල්ලියේ රතු බළකොටුවේදී සිදු කිරීමට නියමිත බවයි.
මෙම රාජ්‍ය උත්සවයේදී සින්දූර් මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන් ඇගයීමට මුල්තැනක් ලබාදී ඇති අතර ඒ වෙනුවෙන් එම මෙහෙයුමට දායක වූ කිහිපදෙනෙක් වාර්ෂික හමුදා ගෞරව නාම ලේඛනවලට එක් කිරීමටද නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)