ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ ගියද එම මිල ගණන්වලට අනුව මෙරට පවතින ඉන්ධන මිල පහළ දැමීමට කිසිදු හැකියාවක් නොමැති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රකාශ කළා.
ඒ රටේ ආර්ථික තත්ත්වය පැහැදිලි කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
වර්තමානයේ මෙරට තුළ පරිභෝජනය කරමින් පවතින්නේ මීට පෙර ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන බැවින් එම මිල ගණන් යටතේ ආනයනය කළ ඉන්ධන තොග අවසන් වන තුරු මෙරට තුළ ඉන්ධන මිල පහත දැමීමට හැකියාවක් නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)
