17 June 2026

logo

හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩිගේ නඩු විභාගය ඇරඹෙයි



දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කර තිබෙනවා. 

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. 

එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට අදාළ චෝදනා විවෘත අධිකරණයේ කියවා තිබෙන අතර ඊට තමා නිවැරදිකරු බව විත්තිකරු ප්‍රකාශ කර තිබෙනවා. 

ඉන් අනතුරුව නඩු විභාගය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)