18 June 2026

logo

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක්



අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම අද (18) සිදු කිරීමට සියලු කටයුතු සූදානම් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. 

එම මණ්ඩලය සඳහන් කළේ ප්‍රතිලාභී පවුල් 1,373,248ක් සඳහා රුපියල් 10,904,801,250.00ක මුදලක් අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කරන බවයි.
 
අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙනුවෙන් පමණක් මෙම ගෙවීම් සිදු කරන බව මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති / කොමසාරිස් නිමල් කොටවලගෙදර සඳහන් කළා. 

(colombotimes.lk)