අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහරින ලෙස නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් දැනුම්දී තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරිනියන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
