13 February 2025


රාජ්‍ය ආයතන වෙනුවෙන් භාෂා පරිවර්තකයන්ගේ සංචිතයක්



මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයන්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් සඳහන් කළේ ප්‍රදේශවලට අනුකූලව කථන භාෂාවන් වෙනස්වීමේදී රාජ්‍ය ආයතනවලින් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව අපහසුතාවට පත් නොකිරීම අදාළ ක්‍රියාවලියේ අරමුණ බවයි.

ඒ අනුව මේ වන විට රාජ්‍ය සේවයේ නියුතු මෙරට ප්‍රධාන භාෂා හොඳින් හසුරුවන පිරිස් මූලික කරගනිමින් අදාළ සංචිතය සකස් කිරීම ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)