13 February 2025


මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන ව්‍යාපෘති 04ක ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සැලසුම්



මේ වන විට අතරමග නැවතී තිබෙන මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 04කට අදාළව ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ  ඒ සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1,500ක මුදලක් මෙම වසරේදී වෙන් කිරිමට සැලසුම් කරන බවයි.

මහනුවර ජාතික රෝහලේ අතරමග වැඩ නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)