එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට එළඹ තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම ගිවිසුමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් බින් හාඩි අල් හුසේනි සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් අත්සන් තබා ඇති බවයි.
මෙම ද්විපාර්ශවික ගිවිසුම මඟින් ගෝලීය වෙළෙඳපොළවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමටත්, විදේශයන්හි ආයෝජන ආරක්ෂා කිරීමටත් ආරක්ෂිත නීතිමය රාමුවක් සපයන බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)