13 February 2025


රජයේ මුද්‍රණාලය උණුසුම් වෙයි



රජයේ මුද්‍රණාලයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

මුද්‍රණාල සේවකයෙක් හා එහි ආරක්ෂක නිලධාරියෙක් අතර මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආහාර ලබාගැනීම සඳහා මුද්‍රණාලයෙන් පිටව ගොස් ඇති අදාළ සේවකයා නැවත මුද්‍රණාලය තුළට එන විට ආරක්ෂක නිලධාරියා සමඟ බහින්බස් වීමක් ඇති වී තිබෙනවා.

පසුව ආරක්ෂක නිලධාරියා තියුණු ආයුධයකින් සේවකයාට පහරදීමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව එම ස්ථානයට පොලීසිය පැමිණ සිද්ධිය සමථයකට පත්කර තිබෙනවා.

(colombotimes.lk)