19 May 2026

logo

ඇමරිකාවේ ජෙට් යානා 02ක් එකිනෙක ගැටෙයි



ඇමරිකාවේ ඇරිසෝනාහී පිහිටි ගුවන් තොටුපොළකදී ජෙට් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ ගුවන්තොටුපොළ වෙත ජෙට් යානයක් ගොඩ බැස්සවීමේදී එම යානය ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ නවතා තිබූ තවත් ජෙට් යානයක ගැටීමෙන් අනතුර සිදු වූ බවයි.
 
එම අනතුරින් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)