13 February 2025


ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව නීතිපති දුන් නියෝගය අත්හිටුවයි



තමන් ලබා දුන් නියෝගයක් අත්හිටුවන ලෙස නීතිපතිවරයා විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ ශ්‍රී ලාංකික මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම සම්බන්ධයෙන්.

අදාළ නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.

ඒ අනුව එම සැකකරුවන් නිදහස් කිරීමට ඔහු මීට පෙර දුන් නියෝගය තාවකාලිකව අත්හිටුවා ඇති බව නීතිපතිවරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

නීතිපති පාරින්ද රණසිංහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාට පසුගිය 27වනදා එම නඩුවේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙක්ට එරෙහිව නීතිමය කටයුතු අඛණ්ඩව සිදු නොවන බව දැනුම් දී තිබෙනවා.

(colombotimes.lk)