01 January 2026

logo

ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුරක්



ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (01) අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ පෝන්නගර් වීදියේ හැටන් විහාරස්ථානය අසළදීයි.

හැටන් පොලීසියේ රථ වාහන අංශයේ නිළධාරියෙක් සඳහන් කළේ එම අනතුරෙන් යතුරුපැදිකරු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බවයි.

හැටන් පෝන්නගර් සිට හැටන් නගරය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් හැටන් නගරයේ සිට පෝන්නගර් දක්වා අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය ත්‍රීරෝද රථයේ ගැටී මෙම අනතුර සිදු වී තිබෙනවා. 

(colombotimes.lk)