අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කටුබැද්ද ප්‍රදේශයේදීයි.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පොලීසියට ලද තොරතුරක් මත අද (17) ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ එම ත්‍රීරෝද රථ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කරගත් තොරතුරුවලට අනුව අගුලාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඔහුගේ බිරිඳ සන්තකයේ තිබී තවත් අයිස් ග්‍රෑම් 10ක් සමඟ සැකකරුගේ බිරිඳ ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මොරටුව අඟුලාන දුම්රියපොළ පාර ප්‍රදේශයේ පදිංචි 31 සහ 21 හැවිරිදි වියේ පසුවන අඹුසැමි යුවළක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
