06 February 2026

logo

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද (17) නිකුත් කර තිබෙනවා.

අද (17) දහවල් 12.30ට නිකුත් කළ අදාළ නිවේදනය රාත්‍රී 11.30 දක්වා වලංගු වනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ දකුණු, ඌව පළාත, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින අතර තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවයි.

එමෙන්ම අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

(colombotimes.lk)