ත්‍රීරෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අද (17) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ පොල්පිටිය, යටිබේලිය ප්‍රදේශයේදීයි.
එම අනතුරින් බරපතළ ලෙස තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු කිතුල්ගල, තැලිගම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර ත්‍රීරෝද රථයේ පසුපස ගමන් ගත් කාන්තාවක්ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 53ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
