අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
සැකකරුව ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)
