20 January 2026

logo

කොංගෝ ජනරජයේ පුද්ගලයන් 32ක් ජීවිතක්ෂයට



කොංගෝ ජනරජයේ තඹ පතලක අනතුරක් සිදු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් කම්කරුවන් 32ක් මිය ගොස් තිබෙන බවයි. 

පතලේ තිබූ පාලමක් බර දරා ගැනීමට නොහැකිව කඩා වැටීමෙන් එම අනතුර සිදු වී තිබෙනවා. 

එරට බලධාරීන් සඳහන් කළේ පතලේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සාමාජිකයෙක්ගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් කම්කරුවන් කලබලයට පත්වූ බවයි. 

එලෙස ඇතිවූ තෙරපීම මත පාලම කඩා වැටී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොංගෝ ජනරජයේ පුද්ගලයන් ලක්ෂ 15කට වැඩි පිරිසක් දැඩි අනාරක්ෂිත පතල් වල කම්කරුවන් ලෙස සේවය කරන බවයි. 

(colombotimes.lk)