17 June 2025


මෙරට සෞඛ්‍ය පද්ධතියේ දැවැන්ත හිඟයක් ගැන අනාවරණයක්



මෙරට සෞඛ්‍ය සේවාව තුළ බරපතළ කාර්ය මණ්ඩලය හිඟයක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. 

ඔහු කියා සිටියේ එම කාර්ය මණ්ඩලය නිර්මාණය කර ගැනීම සඳහා විශාල කාලයක් ගත වන බවයි.

මෙරට හෙද සේවාවේ දැනට 43000ක පමණ හෙද හෙදියන් පිරිසක් සිටින අතර හෙද සේවාව පවත්වාගෙන යාම වෙනුවෙන් 60000ක පමණ හෙද හෙදියන් පිරිසක් අවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ හෙද හෙදියන් 17000ක පමණ හිඟයක් පවතින බවයි.

එමනිසා ඉදිරියේදී උපස්ථායකයන් 1000කට උසස්වීම් ලබාදීමටත් සෞඛ්‍ය කාර්ය සහයකයන් 2000ක් අලුතින් බඳවා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. 

(colombotimes.lk)