colombotimes.lk
සිංහල | English

08 September 2024


ආණ්ඩු පක්ෂ නායකයින් සහ ජනපති අතර හමුවක්



අද (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බවයි.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ට නිල වශයෙන් ආරාධනා කර ඇති බව වාර්තා වනවා.

මෙම සාකච්ජාව කැඳවා ඇත්තේ, ආණ්ඩුවේ කටයුතු සිදු කරගෙන යාමේදී උද්ගත වන ගැටලු පිළිබඳව සාකච්ජා කිරීම ඇතුළු වැදගත් කරුණු රැසක් වෙනුවෙන් බව සඳහන්.
(colombotimes.lk)