පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තණමල්විල පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙහිදී සැකකරුවන් සතුව තිබූ පූජා භාණ්ඩ සහ කැණීම් උපකරණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 26 සහ 28 යන වයස්වල පසුවන තණමල්විල සහ හම්බේගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.
(colombotimes.lk)
