ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි එළඹෙන ජනවාරි 7වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
ඔහු දෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බවයි වාර්තා වන්නේ.
එහිදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාපති, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නායකයන් රැසක් හමුවීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම එහිදී පුහුණු සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.
(colombotimes.lk)
