22 June 2025


වායු බැලූනයක් කඩා වැටෙයි - 08ක් ජීවිතක්ෂයට



බ්‍රසීලයේ වායු බැලූනයක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 08දෙනෙක් මියගොස් තිබෙන බවයි. 

එම බැලූනයේ 21දෙනෙක් ගමන් කර ඇති අතර තුවාල ලැබූ සෙසු 13දෙනා රෝහල් ගතකර තිබෙනවා.
 
මෙම වායු බැලූනයේ එක්වරම ගින්නක් හටගෙන ඇති අතර එහි ක්‍රියාකරු විසින් බැලුනය පහළට ගෙනඒමට කටයුතු කිරීමේදී මෙම අනතුර සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහිදී එහි ගමන් ගත් පුද්ගලයන් කිහිපදෙනෙක් ඉන් ඉවතට පැන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

(colombotimes.lk)