බීමත්ව රිය ධාවනය කළහොත් ලක්ෂ 5ක දඩයක් හෝ වසර 2ක සිර දඬුවම් ලබාදෙන පුවතක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන බව පොලීසිය පවසනවා.
මේ සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි.
එමෙන්ම මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පළකරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක බවද පොලීසිය පවසනවා.
(colombotimes.lk)