පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වී ඇති බවට වන දැනුම්දීම ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඊට අදාළ ගැසට් නිවේදනය සඳුදා වන විට නිකුත් වන බවයි.
එමෙන්ම මන්ත්‍රී ධූරයක් හිස්ව ඇති බවත් ඊට වෙනත් නමක් මැතිවරණ කොමිසම වෙත එවන ලෙසත් ජාතික ජන බලවේගයේ ලේකම්වරයා වෙත දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියා.
මහින්ද සිරිවර්ධන විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයේ ඔහු වැඩ භාර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)