08 May 2026

logo

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ට වැඩ වරදියි



අල්ලස් ගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට සහ ව්‍යාපාරය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා පුද්ගලයෙක්ගෙන් රුපියල් 25,000ක මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනා මතයි.

අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ අනුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(colombotimes.lk)