දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් සකසා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා.
පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නංවා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ යටතේ ලංගම හා පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති 40ක් සවි කිරීමට තීරණය කර තිබෙනවා.
එමඟින් රියදුරුගේ හැසිරීම නිරීක්‍ෂණය කර රියදුරු දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගැනෙන අතර රියදුරුගේ වෙහෙසකාරී තත්ත්ව සහ නින්දයාම, ඇස් පියවීම ආදිය නිරීක්ෂණයට නව කැමරා පද්ධතියට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව මාර්ග නීති පිළිපැදීම සහ බඳපටි පැළඳ සිටීම ආදිය නිරීක්ෂණය කර රියදුරන් වෙත සංඥා නිකුත් කිරීමද මෙම පද්ධතිය මඟින් සිදු වන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම නියමු ව්‍යාපෘතියෙහි පළමු අදියර කතරගම ඩිපෝවේදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)