13 August 2025

logo

විපක්ෂයම හෙට විශේෂ සාකච්ඡාවකට එකතු වෙයි



විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතු වී විශේෂ සාකච්ඡාවක් හෙට (14) පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

ඒ හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් බවයි වාර්තා වන්නේ. 

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් සඳහන් කර තිබෙනවා. 

පසුගිය සතියේදී ද හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස්ගේ නිවසේදී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දිගුවක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
කෙසේවෙතත් ආණ්ඩුවට ඝෘජුව අභියෝග කිරීමේ අරමුණින් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව උපයෝගී කර නොගන්නා අතර විපක්ෂයේ එකමුතුවක් සකස් කිරීම පමණක් මෙහි අරමුණ බව විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)