පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් උදා කර ගැනීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “Clean Sri Lanka” සංකල්පය උතුරු පළාතේ ප්‍රවර්ධනය කිරීමේ යාපනය දිස්ත්‍රික් වැඩසටහන අද (13) ආරම්භ කර තිබෙනවා.
ඒ නල්ලූර් කන්දස්වාමි කෝවිලේ මහා මංගල්‍යයට සමගාමීවයි.
'හදවතින් යාපනයට - Clean Voyage of Unity' තේමාව යටතේ අද (13) සිට අගෝස්තු 20වනදා දක්වා මෙම වැඩසටහන පැවැත්වෙනවා.
මෙහි ආකර්ෂණීය ප්‍රවේශයක් ලෙස කොළඹ සිට යාපනය බලා අද (13) පෙ.ව 6.40ට ගමන් ඇරඹූ යාල් දේවි දුම්රියෙහි ගමන්වාරය අතරතුර ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)