2030වන විට මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කරගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමේදී මතුවී ඇති අභියෝග සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ඊයේ (12) ජනාධිපති කාර්යාලයේදීයි.
මෙහිදී පසුගිය සභා වාරයේදී ගත් තීන්දු තීරණ සමාලෝචනය කිරීම, ඊට අදාළ යෝජනා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අපනයන ක්ෂේත්‍රයේ දියුණුවට අදාළ අත්‍යාවශ්‍ය කරුණු රැසක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බවයි.
එමෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීම, රේගු කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව ස්කෑන් යන්ත්‍රයක් ස්ථාපනය, ඖෂධ අපනයන කර්මාන්තය, කුකුළු මස් අපනයනය, තේ අපනයන සංවර්ධනය, කුළුබඩු අපනයනය, Export Hub සංකල්පය, ත්‍රිකුණාමල වරාය සංවර්ධනය, අපනයන ආශ්‍රිත ආයෝජන වර්ධනය, ඉලෙක්ට්‍රොනික අපනයන අංශයට අමුද්‍රව්‍ය සැපයීම, නව තීරු බදු ගිවිසුම්වලට අවතීර්ණ වීම සහ තීරු බදු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
(colombotimes.lk)