13 August 2025

logo

පොලිස්පති සමඟ සෘජුවම සම්බන්ධ වෙන්න අංකයක්



මහජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම් දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් WhatsApp දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව 071 - 8598888 මෙම නව WhatsApp දුරකථන අංකය අද (13) දින සිට හඳුන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම WhatsApp දුරකථන අංකය ඔස්සේ මහජනතාවට පොලිස්පතිවරයා වෙත සෘජුවම කෙටි පණිවිඩ ලබාදීම, වීඩියෝ දර්ශන හා ඡායාරූප යොමු කිරීම සඳහා පමණක් භාවිතා කළ හැකි අතර දුරකථන ඇමතුම් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පොලීසිය සඳහන් කළා. 

පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පොලිස් නිලධරයන්ට ද මෙම අංකය ඔස්සේ තම ගැටළු හා තොරතුරු සම්බන්ධයෙන් දැනුම්දීමේ හැකියාව පවතින බවයි.

(colombotimes.lk)