13 August 2025

logo

ළමා සහ කාන්තා අපයෝජන ගැන භයානක අනාවරණයක්



මෙම වසරේ මුල් මාස 06 තුළ ළමා සහ කාන්තා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි ඉහළ ගොස් ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.
 
ඒ පසුගිය වසරේ මුල් මාස 06ට සාපේක්ෂවයි.

මෙම වසරේ මුල් මාස 06 තුළ පමණක් පැමිණිලි 9503ක් පමණ වාර්තා වී තිබෙනවා.
 
එම කාර්යාංශය සඳහන් කළේ බරපතල ළමා අපයෝජන සිදුවීම් 1620ක් වාර්තා වී ඇති බවයි. 

එමෙන්ම බරපතල කාන්තා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 373ක්ද ලැබී තිබෙනවා. 

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සදහන් කළේ ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙන බවයි. 


(colombotimes.lk)