06 July 2025

logo

මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්



පළාත් පාලන ආයතන ආයතනවලට තේරීපත්වූ සභිකයන් 223කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ එම නාම යෝජනා කඩිනමින් යොමුකරන ලෙස පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට යළි  දැනුම් දුන් බවයි.

කොමිසම වෙත ලැබුණු සභිකයන් 104දෙනෙක්ගේ නම් ඊයේ (13) දිනයේත් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

පසුගිය මස 6වනදා පැවති පළාත් පාලන ඡන්ද විමසීමෙන් බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක ජය තහවුරු කරගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා. 

(colombotimes.lk)