21 February 2025


දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට



කොළඹ සිට අනුරාධපුරය දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙක් අද (19) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ තඹුත්තේගම පොලිස් වසමේ තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදීයි.

අනතුරට පත් වූ පුද්ගලයා බරපතල තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බව තඹුත්තේගම පොලීසිය සඳහන් කළා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් පමණ වන පිරිමි පුද්ගලයෙක්.

(colombotimes.lk)