සෙවනගල හන්දිය දෙස සිට 10 කණුව දෙසට ධාවනය කළ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (27) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ සෙවනගල පොලිස් වසමේ සෙවනගල 10 කණුව මාර්ගයේ හබරළුවැව ප්‍රදේශයේදීයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ පසුපැදිකරුවෙක් සෙවනගල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනෙක් පැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරුව ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කළ බවයි.
එම අනතුරෙන් වයස අවුරුදු 34ක් වූ කන්දේයාය, මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මිය ගොස් තිබෙනවා.
(colombotimes.lk)