කතරගම පූජා නගරය ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලිතින් භාවිත කළ වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරා ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ මැයි මස 31වනදා සිට මේ දක්වා සිදු කළ පරීක්ෂා කිරීම් වලදී එම වෙළඳසැල් හමු වූ බවයි.
මෙම පරීක්ෂණ කටයුතු සඳහා කණ්ඩායම් 5ක් යොදවා තිබෙනවා.
මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ එහිදී වෙළෙඳසැල් 75ක් පරීක්ෂා කළ බවයි.
ඒවායේ තිබී භාවිතය තහනම් කර ඇති පොලිතින් මල්මාලා, ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර ලන්ෂීට් තොග සොයාගෙන තිබෙනවා.
මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ දේවාල භූමියට පිටතින් රැගෙන එන පූජා ද්‍රව්‍ය තුළ ඇති ප්ලාස්ටික් මල්මාලා ඇතුළු ප්‍රමිතියෙන් තොර භාණ්ඩ නොගැනීමට කටයුතු කරන ලෙස කපු මහතුන් දැනුවත් කර ඇති බවයි.
(colombotimes.lk)