කිලිනොච්චිය, අරිවියර්නගර් දුම්රිය හරස් මාර්ගයේදී අනුරාධපුර සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක යතුරුපැදිකරුවෙක් ගැටී ඊයේ (25) අනතුරක් සිදුවී තිබෙනවා.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 28ක් වූ පොන්නගර් උතුර, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)