දසවැනි පාර්ලිමේන්තුවට අදාළ විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීම අද (27) පවත්වා තිබෙනවා.
ඒ පාර්ලිමේන්තුවේදීයි.
එහිදී 2025.06.03 වන දින දෙවැනිවර කියවීමට නියමිත පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) කෙටුම්පත සලකා බැලීමෙන් අනතුරුව එයට අනුමතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව ජුනි 03වනදා පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) කෙටුම්පතට අදාළව දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)