29 May 2025


සීමාවාසික පත්වීම් අත්හිටුවීමට අභියාචනාධිකරණ නියෝගයක්



වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සහ භෞතචිකිත්සක උපාධිධාරීන් සඳහා සීමාවාසික පුහුණු පත්වීම් සිදුකිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.

ඒ අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු නියෝගයකට අනුවයි.

එම නඩු විභාගය යටතේ රජයේ විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගත් Allied Health Sciences Graduates’ Unityහී සාමාජිකයන් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ අදාළ නඩුවට අදාළව 2024 ජුනි 14වනදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අදාළ පත්වීම් හෙට (28) සිදු කිරීමට සූදානම් වුවත් එය නවතා දැමීමට අභියාචනාධිකරණය නියෝග කළ බවයි. 

(colombotimes.lk)