දෙවන ලෝක යුද්ධ සමයේදී ආර්ජන්ටිනා බලධාරීන් විසින් රාජසන්තක කරන ලද ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂයට අයත් ලිපිලේඛන ඇතුළත් පෙට්ටි 83ක් සොයාගෙන තිබෙනවා.
ඒ ආජන්ටිනාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැඟිල්ලේ පහළ මහලේ ගබඩාවක තිබියදීයි.
මෙම පෙට්ටි 83 ටෝකියෝවේ ජර්මානු තානාපති කාර්යාලය විසින් 1941 ජුනි මාසයේදී ආර්ජන්ටිනාවට ඒවා ඇති බවයි සඳහන් වන්නේ.
නාසිවාදීන්ට අයත් එම ලිපිලේඛන එවකට ආජන්ටිනාවේ බලධාරීන් විසින් විවෘත කර පරීක්ෂාවට ලක් කර පසුව රාජසන්තක කර තිබෙනවා.
ආජන්ටිනාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගබඩාවෙන් හමුවූ තැපැල්පත්, ඡායාරූප සහ නාසි ප්‍රචාරක පත්‍රිකා ඇතුළු ලිපිලේඛන තොගය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විසින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.