කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් “කිරි ගොවිපොළ ඵලදායිතාව ඉහළ නංවා කිරි අගයදාම සංවර්ධනය කිරීමේ” ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒ ලෝක බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන අන්තර්ගතිකව සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම අංශය දියුණු කිරීම සඳහා වෙන් කර ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක අරමුදල් උපයෝජනය කරමින්.
ඒ සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
කිරි නිෂ්පාදනය සඳහා විභවතාවයක් පවතින අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම,මාතලේ, මහනුවර, නුවරඑළිය, ගම්පහ, අම්පාර, බදුල්ල, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක 12ක යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)