13 December 2025

logo

රන් මිල අඩුවෙයි



පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (27) සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 1,002,963ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

එය පසුගිය 23වනදා සටහන් වුණේ රුපියල් 1,005,827ක් ලෙසයි.

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 259,500ක් දක්වා අඩු වී තිබෙනවා.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල්  32,440ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 35,380ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)