01 July 2025

logo

පළාත් පාලන මැතිවරණය ලබන වසර මුල පැවැත්වීමට සැලසුමක්



2025 වසරේ මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ අද (23) මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මීට වසර 2කට පෙර ලබා දුන් පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනාවල සිටින ඇතැම් අපේක්ෂකයන් මියගොස් ඇති අතර තවත් පිරිස් රට හැරදමා ගොස් ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කර අලුතින් නාමයෝජනා කැඳවනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන බවත් එම මැතිවරණය පැවැත්වෙන දින සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් ඔහු සඳහන් කළා.

(colombotimes.lk)