අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය නඩුවකට අදාළව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා හා තවත් නිලධාරියෙක් එම සැකකරුවන්ගෙන් ලක්ෂ 2ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන් රුපියල් 20,000ක් මුදලක් අදාළ පොලිස් නිලධාරීන් ප්‍රථමයෙන් ලබාගෙන ඇති අතර ඉතිරි රුපියල් 180,000ක මුදල ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එහිදී එක් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පොලිස් නිලධාරියා එම ස්ථානයෙන් පළාගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරියා මූලික පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.
(colombotimes.lk)