16 July 2025

logo

මෙරට නියෝජිතයන් පිරිසක් ඇමරිකාවට



ඇමරිකානු තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයන් පිරිසක් එළඹෙන 18වනදා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා. 

ඒ අද (15) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු කියා සිටියේ ඇමරිකාව සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදු කරන බවත් අගෝස්තු 01වනදාට පෙර මෙරටට පැනවූ බදු අඩු කර ගැනීමට උත්සහ කරන බවයි.

(colombotimes.lk)