16 July 2025

logo

මෙරට CID කණ්ඩායම් කිහිපයක් විදෙස් රටවලට



විදෙස් රටවල සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් දියත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. 

ඔහු කියා සිටියේ ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් එම රටවල් වෙත යවා ඇති බවයි. 

මෙම අපරාධකරුවන් මැදපෙරදිග රටවල් ඇතුළු තවත් රටවල් කිහිපයක සිටින බවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන ලබාගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙක් මැලේසියාවේ සිටින බවට සමාජ මධ්‍ය හරහා සහ ජන මාධ්‍ය හරහා පසුගියදා තොරතුරක් ප්‍රචාරය වූ බවත් ඒවා නිවැරදි තොරතුරු නොවන බවයි. 

(colombotimes.lk)