16 July 2025

logo

මාස 2කින් VAT බදු අලුත් වෙයි



2027 වර්ෂයේ පළමු කාර්තුවේ සිට දේපළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබෙනවා. 

මෙම නව දේපළ බද්ද පැනවීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයන්ට ද එකතු කළ අගය මත බද්ද අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම සේවා සැපයීම්වලට අදාළව 18%ක එකතු කළ අගය මත බද්ද අය කිරීමට නියමිතයි.

එම බදු අය කිරීම ඔක්තෝබර් මස 01වනදා සිට ක්‍රියාත්මක වනවා.

මේ ප්‍රවෘත්තිවල ඇත්ත කතාව දැනගන්න CT EXPLAIN ගෙන එන පහත VIDEO එක නරඹන්න.   



(colombotimes.lk)