16 July 2025

logo

ලොව වයස්ගතම මැරතන් ධාවකයා දිවියට සමුදෙයි



ලොව වයස්ගතම මැරතන් ධාවකයා ලෙස සැලකෙන ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ෆවුජා සිං මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේදී මෝටර් රථයක ගැටීමෙන් ඔහු මියගොස් ඇති බවයි. 

ඔහු මිය යන විට වයස අවුරුදු 114 වියේ පසුවුණා.  

පොලීසිය සඳහන් කළේ පන්ජාබ්හී මාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී මෝටර් රථයක් ඔහුගේ ශරීරයේ ගැටී ඇති බවයි.
 
ප්‍රදේශවාසීන් ඔහුව රෝහල වෙත ගෙන ගිය ද ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ෆවුජා සිං වයස අවුරුදු 100 ඉක්ම වූ සහ විවිධ වයස් කාණ්ඩ හරහා මැරතන් ධාවනය කිරීමෙන් වාර්තා පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)